ඔයත් අහල බලන්නකෝ කොහොමද සින්දුව කියල. පොඩිකාලේ ඉඳලම ලගින් හිටපු කෙනෙක් අපෙන් ටිකක් හරි ඈතට ගිහිල්ලත් තික දවසක් යනකොට තමයි අපිට ඇත්තටම එයාලගෙ අගේ තේරෙන්නේ.
සින්දුව අරගන......
සින්දුව අරගන......
සැන්දෑවේ ගං ඉමේ
පීනා මේ පාළුවේ
ඉව්රෙ දෙගොඩ තලා
ශෝක නදින් පාවි
ඈ නාමේ ඇදී ගියාවෙ
වේදනා මාරුතේ
වේදනා මාරුතේ
රණ්ඩු වෙවී උන්සමේ
හද ආලේ හොරෙන් කියාලා
ඔන්චිල්ලේ දෙන්නා ගෙයි මිදුලේ උන්නා
මල් වාරම් ගීගැයූ දා
කෝ එදා ආදරේ
කෝ එදා ආදරේ
සැන්දෑවේ ගං ඉමේ....
රංචු ගැසී ලදු කොනේ
ලිප
මොලවා වලං තියාලා
සෙල්ලම් බත් ඉව්වා සෙල්ලම් ගෙයි දෙන්නා
රන් මාලා ගෙලදාලා
ඈ ගියා වෙන්වෙලා
ඈ ගියා වෙන්වෙලා
සැන්දෑවේ ගං ඉමේ....
Twitter
Facebook
Digg
Delicious
Stumble
7 අදහස්:
මේ ගීතය මම කවදාවත් අහල නෑ. ඉතාම අනර්ඝ යි! ලිව්වේ හැදුවේ කව්ද කියල කියනවා නම් ලොකු දෙයක්.
ස්තුතියි!
සිංදුවනම් මරු. සව්න්ඩ්ස් ටිකක් අප්සෙට් වගේ පරණ සිංදුවක් නිසා වෙන්න ඇති.
මර්වින්ගෙ අනෙක් හොඳම සිංදු වල ඔරිජිනල් තියෙනවනම් සැරින් සැරේ දාන්න. (කොහෙ බැලුවත් තියෙන්නෙ දඩං බඩං මියුසික් දෙන සවුත්තු කොලිටියේ ඒව)
@Rumal Jayamuni
සින්දුව ලිවුවේ "උපාලි ධනවලවිතාන" සංගීතය සරත් දසනායක
@``` Outsider```
ඒක පොඩ්ඩක් රෙකොර්ඩින් අප්සට් වෙලා...
මම ඔරිගිනල් තමා හොයාලා දෙන්නේ බලන්නකෝ
චහ්.. මරුනෙ බං මේක... අහල නෑ කවදාවත්... ඒ වුණාට එක පාරින් වැදෙන සින්දුවක්.... මියිසික් සුපිරි.... ජයවේවා මේ වැඩේට!
ෂා මගේ ටේස්ට් එක තියෙන තවත් සහෘදයෙක් . . .
නියමයි මලේ . . .
දිගටම කරගෙන යන්න සුභ පැතුම් .
මේ ගීතය අහලා තියෙනවා කියලා නම් මතකයක් නම් නෑ . . .
ස්තූතියි .
ස්තූතියි!
Post a Comment