Sunday, October 21, 2012

අවසන් ලියුමයි ඔබට ලියන්නේ... ( ෂෙල්ටන් පෙරේරා )

අවසන් ලියුමයි ඔබට ලියන්නේ ගීතය ගායනා කරන්නේ  ෂෙල්ටන් පෙරේරා මහතා විසින්.. ඔන්න මේකත් ඔරිජිනල් සින්දුවක්.......

Awasan Liyumai (T Shelton Perera) by rmcdex


Sunday, September 16, 2012

නිකන් මේ බොරු කියන්න එපා (රෝහන බැද්දගේ සහ බන්දුල විජේවීර)

ඔන්න අදනම් අරගෙන ආවේ ටිකක් හොයා ගන්න අමාරු සින්දුවක් කියලා හිතනවා. මොකද  මේ දෙන්නගේ සින්දු තිබුනට ඔරිජිනල් සින්දු හොයාගන්න හරිම අමාරුයි..

Saturday, August 4, 2012

මා සුන්දර සිහිනයක් මැව්වා (නදීක ජයවර්ධණ)

ඔන්න මම අද දවසට ගේන දෙවෙනි සින්දුව මොකද අනිද්දා අපිට උසස්පෙළ පටන්ගන්නවා ඒ කියන්නේ ඉතින් කාලෙකට එන්න වෙන්නේ නෑ කියන එකනේ.
මේ සින්දුව අලුත් සින්දුවක් ඒත් හොඳයි කියල හිතුන නිසා මේකත් දෙන්න ඕනේ කියල හිතුනා.
සින්දුව තමයි "සිහිනයක්" ගායනා කරන්නේ "නදීක ජයවර්ධණ" මහතා අහල බලලා හොඳයිනම් අරගන්න.

Friday, August 3, 2012

කොපුලේ වැහි බිඳුවක රස.....(ක්‍රිශාන්ත එරන්දක)

අදත් ගෙනාව සින්දුවක්. පොඩ්ඩක් හිතල බලන්න අපි ආදරේ කරන කෙනත් එක්ක අපිට තනි වෙන්න තියෙනවානම් අපිට වෙනත් සතුටක් තියෙනවාද ආදරේ කරන අය විදිහට....

Thursday, August 2, 2012

මට මේක දඟ ගෙයකි... (සෝමතිලක ජයමහ)

ඔන්න ආයිත් සින්දුවක් ගෙනාවා මේක ටිකක් අහන ගමන් හිතන්න දෙයක් තියෙන සින්දුවක්. සින්දුව ගායනා කරන්නේ "සෝමතිලක ජයමහ" මහතා මෙතුමා තමයි මගෙත් ප්‍රියතම ගායකයා. සින්දුව තම්යි "සුනිල්වන් ණුවන් යුග" අහල බලන්න....

 


සුනිල්වන් ණුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුලු ගංඟාවේ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මව්නි පියතුමනි කරුණාව පාලා
මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුල එකසේ දරා මන්
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුව සෙත පතා දෙන්න ආසිරි දයාවෙන්
සුනිල්වන් ණුවන් යුග........
රජ දහන වැලි කතර වුව උරුම වේනම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගේ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේනම්
හද වෙනෙහි සත්සර සදා ගොලු වුනාදෙන්
සුනිල්වන් ණුවන් යුග........

Thursday, June 21, 2012

ඇස් නොපෙනෙන අම්මා.... (අඹ යාළුවෝ)

ඔන්න අපි පොඩි කාලෙ හරිම ආසාවෙන් අහපු සින්දුවක් තම්යි මම ගෙනාවේ "පහන තියා බුදුසාදුට" මේ සින්දුව දන්නේ නැතිකෙනෙක් ඉන්නවානම් එයා ගැන කියන්න තියෙන්නේ එයාට ළමා කාලයක් තිබුනේ නෑ කියන එක විතරයි...

Friday, May 18, 2012

අතීතයට පිය මනිනු බැරී....(ජගත් වික්‍රමසිංහ)

ඔන්න මම ආවා සින්දුවකුත් අරගෙන මේ සින්ද්වේ කියනවා වගේ අපේ ක්ට්ටිය කීදෙනෙක්නම් හිතන්න ඇත්ද? "ඔබ මා හමු වේ නම්" කියන "ජගත් වික්‍රමසිංහ" මහතා ගායනා කර සින්දුව තමයි මම ගෙනාවේ අහන්න ලස්සනයි ඒ වගේම පරණ දේවල් මතක් වෙනව.

Tuesday, May 15, 2012

SaVinG Me ... (nickelback)

ඔන්න කාලෙකින් මම ආව සින්දුවක් අරගෙන හැබැයි මම අදනම් ගෙනාවේ සිංහල සින්දුවක්නම් නෙමෙයි
මේක පට්ට ඉංග්‍රීසි සින්දුවක් තවත් තේරෙන්න කියනවානම් රොක් සින්දුවක්. සින්දුවේ නම තමයි "Saving me"
සින්දුව කියන්නෙනම් "Nickelback" සෙට් එක ලංකාවෙත් නියමෙටම ජනප්‍රිය කට්ටියක්නෙ අහන්න ඔන්න එහෙනම් සින්දුව.

Saturday, April 14, 2012

ඈත රටක සිට අමතමි........

ඔන්න මම සින්දුවක් අරගෙන ආව මට අදනම් lyrics දෙන්න විදිහක් නම් නෑ ඒක නිසා සමා වෙන්න සින්දුව විතරක් අදට දෙන්නම්. මේ සින්දුව ගායනා කරන්නෙ "ශෙර්ලි වෛජයන්ත" මහතා මේ සින්දුවේ නමනම් "මම   බොළඳ වියේ බැඳි ආදරේ" ඔයාටත් අත්දැකීම් ඇතිනේද?
 ඔන්න සින්දුව අරගන්න
Sherley Waijantha - Man Bolanda Wiye by rmcdex

Friday, February 17, 2012

සුසුදු හංස පියාපතින් ... (කිත්සිරි ජයසේකර)


අපි හිතනෙවත් නැති වෙලාවක ලස්සන ගෑණු ලමයෙක් දැක්කහම අපිත් කුකුලව දැක්ක නරියා වගේ ඉතින් බලාගෙන ඉන්නවා නේද? 

(ඒත් ඉතින් ඒක ගෑණු ලමය දැක්කොත්නම් අපි ඉඳලත් ඉවරයි) ඒ දකින ටිකට අපිටත් මොනතරම් දේවල් හිතෙනවද නේද?

Saturday, February 11, 2012

අනේ එපා මට ලැජ්ජයි...... (ලයනල් රන්වල)

ඇත්තටම දෙවියන් ඉන්නෙ කොහෙද? ගහේ,කුටියෙ,අහසේ?

 අපි දන්නෙ නෑ නේද හරියටම ඉන්න තැන. ඒත් කොහොමද දේවාලවල ඉන්න සෙනඟ කන්දරාව.... රුවන්වැලි මහා සෑය වගේ පූජා වට්ටිත් අරගෙන පෝලිමේ කට්ටිය ඉන්නේ..

Wednesday, February 8, 2012

සාදු කියා හාදු දෙකක් දෙන්නෙමී... (සුනිල් ශාන්ත)

මම අද ගෙනාපු සින්දුව කියන පුද්ගලයාව මම නම් හදුන්වන් සිංහල ගීතයේ පියා විදිහටයි.

Saturday, February 4, 2012

කෝ එදා ආදරේ?.(මර්වින් පෙරේරා)

අද සින්දුව තමයි "මර්වින් පෙරේරා" මහත්මයා ගායනා කරන "සැන්දෑවේ ගංඉමේ" කියන සින්දුව මේක දෙන්න විශේෂ හේතුවක් තියෙනවා මට මේ සින්දුව මුලින්ම අහපු දවසේ මට දුකක් හිතුන ඒ කියන්නේ මේ සින්දුව මගේ බොක්කටම වැදුන කියන එකනේ.

Tuesday, January 31, 2012

ක්‍යාහුවා තෙරා වාදා.....(මොහොමඩ් රාෆී)

ඔන්න මම අදත් ආවා අදනම් ආවේ හින්දි සින්දුවක් අරගෙන මේක තමයි මම ඔයාට දෙන පලවෙනි හින්දි සින්දුව. 

Monday, January 30, 2012

නටුව නොවෙයි මම මල සිඹිමී (ඇනෙස්ලි මාලේවන)

හප්පේ ගොඩක් කාලෙකට පස්සෙ තමයි මම ආයිත් සින්දුවක් අරගෙන ආවෙ. හැමෝටම ඉතින් ප්‍රශ්ණ එනවනේ.
අද ගෙනාපු සින්දුවෙ මුල්මපද පේලි ටිකනම් ඔයාට ගොඩක්ම පුරුදු ඇතිකියල මම හිතනව මොකද මම පොඩිකාලේ දන්න එකම සින්දුව මේ සින්දුවෙ මුල්ම පද ටික තමයි