සුනිල්වන් ණුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුලු ගංඟාවේ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මව්නි පියතුමනි කරුණාව පාලා
මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුල එකසේ දරා මන්
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුව සෙත පතා දෙන්න ආසිරි දයාවෙන්
සුනිල්වන් ණුවන් යුග........
රජ දහන වැලි කතර වුව උරුම වේනම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගේ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේනම්
හද වෙනෙහි සත්සර සදා ගොලු වුනාදෙන්
සුනිල්වන් ණුවන් යුග........

Twitter
Facebook
Digg
Delicious
Stumble
2 අදහස්:
කිසිදා නොමියෙන මෙවැනි ගීත තමයි අපේ ගීත සාහිත්‍යයේ රන් මිනි කට වෙන්නේ. මෙවැනි ගීත බිහිවීමට බලපාන හේතු සාධක ප්‍රධාන වශයෙන් මෙහෙමයි. පිරිසිදු, නිරවුල්, මනසක් මෙන්ම භාෂාව සහ සාහිත්‍යය ගැන මනා දැනුමක් ඇති,ගීත රචකයන් සිටිය යුතුයි. අනුකරණය, කටෝර බව,නැති, දේශීය සමාජයේ හද ගැස්ම හඳුනාගත් දුවන්නන් පස්සේ දුවමින් ලැබ අච්චාරු සංගීත විප්‍රකාර නොකරන සංගීතඥයන් සිටිය යුතුයි. සතතාභ්‍යාසයෙන් සිය සොඳුරු හඬේ ජීව ගුණය රැක ගනිමින්, කුමන දරිද්‍රතාවයකින් පෙළුනද මුදලට තම ආත්ම ගෞරවය පවා නොදෙන ගායක/ගායිකාවන් සිටිය යුතුයි. කොත්තු විකුණන, ට්‍රැක්ටර් විකුණන අමනයන් නොවිය යුතුයි.
අසමි දකිමි සොයමි ලියන විචාරක
@විචාරක Wicharaka
එහෙම මිනිස්සුනම් දැන් කාලේ හොයාගන්න හරිම අමාරුයි.ඒත් එහෙම දැන් කාලෙ බිහිවෙන කෙනෙක්ට මේවගේ සින්දුවක් ලියන්න පුලුවන්ද කියන එකත් ප්‍රශ්නයක් තමයි....
Post a Comment