සුමනා මියගොස්ය.. ඔහු තනියෙන්ය.... ඔහුට ඇත්තේ අහිමිවූ සුන්දර අතීතයක් පමණි......
පබළු නගේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ . . . උඹ ඇයි නැත්තේ
වැවේ දියේ ඇති නිකිණි නිමිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවණේ
මම අද තනියම ඔළිඳ ගණිනවා
වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුණට ඇළ ලඟ වත්තේ
සුමනෝ . . . උඹ ඇයි නැත්තේ
මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පාන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඬේ ඉස්මත්තේ
සුමනෝ . . . උඹ ඇයි නැත්තේ
Twitter
Facebook
Digg
Delicious
Stumble
1 අදහස්:
ස්තුතියි. ඉතාමත් අගේ ඇති ගීතයක්. උසස් පෙළ කාලේදි ඇහුවට පස්සේ. අදටත් පද මතකයි. හද පතුළටම යනවා. ලිව්වේ කවුද කියලා දැන ගන්න ආසයි. මේ ගීතය දැමීම ගැන ස්තුතිවන්ත වෙනවා.
Post a Comment