ඇත්තටම මේ ලෝකේ හැම දෙයම පාලනය කරන
කෙනෙක් ඉන්නවා ඒ තමයි ස්වාභාව ධර්මය....
මම හිතන විදිහට ඒ ඇරෙන්න කාටවත් මේ ලෝකේ පාලනය කරන්න බෑ....
ඒ වගේම මේ ලෝකේ හැම දේම වෙනස්වෙන සුළුයි.....
මේ සින්දුව අහල බලන්න....
අහස ගැලවී බිමට වැටෙද්දෙන්
පොලව ගුගුරා ගිලා බහිද්දෙන්
මුහුද වියලී වතුර හිඳීද්දෙන්
කාලා බීලා ඉඳිමු අපී
කාලා බීලා ඉඳිමු අපී
කවුරු රැව්වත් හඳ බැබලෙනවා
පවුරු බැන්දට සුළඟ හමනවා
ඉව්රු තිබුනත් ගඟ බැස යනවා
කාලා බීලා ඉඳිමු අපී
කාලා බීලා ඉඳිමු අපී
ගල් මුදුනේ මල් නොපිපේ
සුළඟ හමා කඳු නොසැලේ
පිරුණු කලේ දිය නොසැලේ
අහස උදේ හිරු බැබලේ
කවුද හමනා සුළඟ බඳින්නේ
පවුරු බැන්දත් ගඟ බැස යනවා
මොටද මේවා ගැන ලතැවෙන්නේ
කාලා බීලා ඉඳිමු අපී
කාලා බීලා ඉඳිමු අපී
අහස ගැලවී බිමට වැටෙද්දෙන්...
වන බඹරු මලට යති
නිල මැස්සෝ එහි නොයති
වෙනස ඇති ලොව ද නිති
අපි සැනසි ඉමු හිනැහී
මොටද ඉහිරුන කිරට අඩන්නේ
බිඳුන බඳුනෙහි කැළල නොයන්නේ
කවුද මේවා නැවත හදන්නේ
කාලා බීලා ඉඳිමු අපී
කාලා බීලා ඉඳිමු අපී
කවුරු රැව්වත් හඳ බැබලෙනවා...
අද නිරිඳා හෙට දිලිඳා
ගජ මිතුරා හෙට හතුරා
ඇති වෙනවා නැති වෙනවා
හිනැහෙනවා වැලපෙනවා
හාවයි ඉබ්බයි තරඟෙට දිව්වා
කොස් ඇට බෑවලු බළලෙකු ලව්වා
තාමත් සිහි වෙයි මතකයි එව්වා
කාලා බීලා ඉඳිමු අපී
කාලා බීලා ඉඳිමු අපී
අහස ගැලවී බිමට වැටෙද්දෙන්...
Twitter
Facebook
Digg
Delicious
Stumble
1 අදහස්:
https://www.youtube.com/watch?v=KxWGEzUhgoA
Post a Comment