ඉපදෙන
විට කිසිදු ආගමක සලකුණක් නොමැතිව ඉපදෙන අප සියල්ලන්ම පසුව විවිධ ආගමික වතාවත් සඳහා
විවිධ බලපෑම් මත යොමු වේ. එත් මේ මොන ආගමක හිටියත් ආදරය කියන්නේ සියල්ලන්ටම පොදු දෙයක්.
ආදරයට ආගමක් , රටක් , ජාතියක් , භාෂාව වැදගත් වෙන්නේ නෑ. එත් විවිධ බලපෑම් නිසා මේ
වගේ ආදර කතා කෙටිකලට විතරක් සීමා වෙලා තියෙනවා එත් ඒවා හිතන්නේ නැතිව අපිට ආදරය
කරන්න පුලුවන්නම්.......
තුමුල නමුනුකුල ගිරිහිස උදුල සඳ මඩල
දුටු නෙත රැවටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින
තුරු එලියට
ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා...
නුඹේ වත මඬල සඟවා මුවා වෙන ලෙසින්
අතුරන සීත පිණි නිසා තිලකය පාළු වෙයි
උමා
සීත මීදුමේ තිර පට වළලු ලූ අතින් ඉවතට
ඈත්කර හොරෙන් හෙමිහිට බලාපන් උමා...
තුමුල නමුකුල....
කන්ද උඩ රුවින් දිදුලන කන්ද කදිර
දේවාලය
අපට පිහිට වෙයි කියලා හිතනවද උමා
අප වටා නැඟෙන උවදුරු ඈත් වී නොබෝ
කලෙකින්
පිච්ච මල් සුවඳ විතරක් ඉතිරි වේද උමා
තුමුල නමුනුකුල....
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment