Saturday, February 11, 2012

අනේ එපා මට ලැජ්ජයි...... (ලයනල් රන්වල)

ඇත්තටම දෙවියන් ඉන්නෙ කොහෙද? ගහේ,කුටියෙ,අහසේ?

 අපි දන්නෙ නෑ නේද හරියටම ඉන්න තැන. ඒත් කොහොමද දේවාලවල ඉන්න සෙනඟ කන්දරාව.... රුවන්වැලි මහා සෑය වගේ පූජා වට්ටිත් අරගෙන පෝලිමේ කට්ටිය ඉන්නේ..

. "ලයනල් රන්වල" මහත්මයාව ලංකාවෙ ගොඩක් ටිවි චැනල් වලටයි රේඩියෝ චැනල් වලටයි මතක් වෙන්නේ අවුරුදු කාලෙට විතරනේ. හැබැයි මම නම් අරගෙන ආවෙ එතුමගේ අවුරුදු පිළිබඳ සින්දුවක් නෙමෙයි

. "අහසෙ ඉන්නවලු" කියන සින්දුවෙන් කියවෙන්නේ අපේ කට්ටිය දෙවියන්ට කරන දේවල් තමයි ඉතින් අපි කරන දේවල් බලලා දෙවියන්ටත් මොනවානම් හිතෙනව ඇද්ද?
                            ඇයි අපි දෙවියන්ට වදින්නේ "දෙවියො බණ කියල තියෙනවද?, පොත් ලියල තියෙනවද? එහෙමත් නැත්තම් හේනක් කුඹුරක්වත් කොටල තියෙනවද?" දෙවියන්ට වුනත් අපි කරන දේවල් වලට ගොඩාක් ලැජ්ජ හිතෙනවත් ඇති. ඇත්තටම දෙවියන් කියන්නෙත් අපෙන් පිං බලාපොරොත්තුවෙන කට්ටියක්..... මේ සින්දුවෙන් ලස්සනට අපේ කට්ටිය දෙවියන් වදින විදිහ එහෙම කරනකොට දෙවියන් කියන දේ ලස්සනට කියනව අහලම බලන්න වටින සින්දුවක්….. Ahase ennawalu by rmcdex




අහසෙ ඉන්නවලු ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු නොදැක වඳිනවලු

පිම්මෙ නටනවලු බෙර හඬට නටනවලු
නටල වඳිනවලු පව් පිහිට පතනවලු//

ඩෙන්න ඩෙනා ඩෙනෝ නා ඩෙන ඩෙන ඩෙනෝ//

මෝල්ගහේ දළු එනතුරු කලු කපුටා සුදුවනතුරු
යදින යැදිලි වඳින වැදිලි ගල් හදවත් උණුවනතුරු//
පොතක් පතක් ලීවෙත් නෑ ගහක් කොලක් හැදුවෙත් නෑ
අසවල් හොඳ කරලත් නෑ අනේ අනිච්චං

අහසෙ ඉන්නවලු.....

පෙරලි පෙරලි වඳින ගානේ දුක හිතෙනව මට
බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින//
හේනක් කුඹුරක්වත් නෑ වගා කලේ මම
අනේ එපා මට ලැජ්ජයි නටල වඳිනකොට

අහසෙ ඉන්නවලු..... 

3 අදහස්:

hare :-) said...

හෙන කාලෙකට පස්සෙනෙ මේක අහු වුණේ. අපිනං රන්වල මහත්තයගෙ අතිජාත රසිකයො තමයි. මේ සින්දුවෙ තියෙන විශේෂත්වය තමයි ඒකෙ සහය ගායනය කරන්නෙ සමන්ද සිල්වා මහත්තය වීම. එතුමා බයිල ගායකයෙක් විධියටනෙ ජනප්‍රිය... කොහොමද මේ ඇල්ලිල්ල.... :D

අනික මොකද මේ ලියන එක නතර කරලා? කමෙන්ට් ගැන නොහිත දිගටම ලියන්න...

කට්ටිය කමෙන්ට් දාල නැත්තෙ ඔය වර්ඩ් වෙරිෆිකේෂන් කියන මගුල එන නිසා... ඒක අයින් කලානම් හරි.

Lakshanz said...

මම නම් අඩු ගානෙ මාසෙකට දවසක් වත් රංවල මහත්මයාගෙ කැසට් එක අහනව. මොකද දැන් කාලෙ සමහර සිංදු අහල හිටපු ගමන් මම පොලවෙ පය ගහල ඉන්න මනුස්සයෙක් නෙව කියල අමතක වෙනවා. ;)

Unknown said...

@hare :-)
මොකක්ද ඔය වර්ඩ් වෙරිෆිකේෂන්????

Post a Comment