මසුන් මැරීම තම රැකියාව කරගත් පුද්ගලයෙක් මුහුදු ගිහින් ආපසු පැමිනෙන ඔහුට තම සහායකයාට කියන අදහස් මෙම සින්දුවෙන් කියවෙනවා.
මහ මුහුදු විමානේ රණ තිසර උදානේ
සවනට නෑ ඇසුනේ මාගේ
සවනට නෑ ඇසුනේ මාගේ//
මහ මුහුදු විමානේ....
ඈත දියේ පාවී හෝ... ඈත දියේ පාවී
මහ සයුරේ රෑවී
අඳුර මැදින් අපියනවා
ඔරුව උඹේ රුවල උඩින්
මගෙ පවුලේ කඳුලු බලාපන්//
හෙල හෙල හෙලෙයියා///
පානට තෙල් නෑ නිවසේ
මහ මුහුදු විමානේ....
දරු පැටවුන් මාගේ හෝ... දරු පැටවුන් මාගේ
රෑබත ඉල්ලාවී සොඳුර මගේ වෙරලෙ ඉඳී
ඔරුව උඹේ රුවල උඩින්
වෙරළ කොහේදැයි බලපන්නේ//
හෙල හෙල හෙලෙයියා///
පිරුනත් මඩිය පිරේවී
මහ මුහුදු විමානේ....
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment