Sunday, August 28, 2011

දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා (සනත් නන්දසිරි)

අපි මේ ලෝකයෙ වැඩියෙන්ම ආදරය කරන කෙනෙක් අපිට නැති වුනහම අපිට දැනෙන්නෙ කාටවත් කියාගන්න බැරි දුකක් නේද? මේක අහල බලන්න සමහරවිට දුක ගොඩක් වැඩි වෙයි,ඒත් එහෙම දෙයක් වෙලා නෑකියල මේක අහන්නැතුව ඉන්න එපා මේක හරිම දුක හිතෙන සින්දුවක්...

 මට මෙහෙම දෙයක් වෙලානම් නෑ ඒත් අනේ මන්ද මටත් මුකුත් කියාගන්න බෑවගේ හරියට දුක හිතෙනව. මොනා කරන්නද මොනාම හරි කියන්නත් එපැයි. හම් මේ සින්දුව අත්තම කිවුවොත් ලියල තියන කෙනා මේ ගසින්දුව ලියල තියෙන්නෙ එයාට ඇත්තටම සිද්දවෙච්ච සිදුවිමක් නිසා. මේක ගායනා කරන්නෙ "සනත් නන්දසිරි" කියල අමුතුවෙන් කියන්න ඔනෙ නැනෙ. 
අපිට අපි වැඩියෙන්ම ආදරය කරන කෙනාව නැති වුනහම තමයි ඇත්තටම තෙරෙන්නෙ අපි එයාට කොච්චර ආදරේද කියල. සමහරවිට අපි අපේ ආදරෙ කවදාවත් එයාට පෙන්නන්නෙත් නැතිව අති නේද? සමහරවිට අපිට හිතෙන්න පුලුවන් එයා නැති වුනේ අපේ ආදරේ එයාට හරියට නොලැබුන නිසා කියල ඒ වෙලාවට හිතෙනව එයාව අයිත් ලැබෙනවනම් අපි පුලුවන් උපරිමයෙන්ම එයාට අපේ ආදරය ඩෙනව කියල. පුලුවන් කට්ටිය කමන්ට් එකකුත් දානවනම් හොඳයි.
මේකකින් සින්දුව අරගන්නකෝ....

එදා මෙදා තුර කඳුලට විවරවු
දෑස් පියන්පත් කවුලු වසා
ලයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පිරූ රත් දෙතොල පියා
මිලානවී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

දෑස් කවුලු පත් පලා කදුලු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් ක්වුරුවත් වෙතත් හිතයි මට
පාත්වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දෝතක් සුවඳ පෙමින්
මාත් මගේ හිත්ටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවඳින්

එදා මෙදා තුර කඳුලට විවරවු
දෑස් පියන්පත් කවුලු වසා
දෑත ලයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම්පුරාගෙන උපන් ලයේ
ඊයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම්
වී අපි ඉපදෙනමු එකට ප්‍රියේ

එදා මෙදා තුර...... 



මම යනව තවත් සින්දුවක් එක්ක හම්බවෙමු...

0 අදහස්:

Post a Comment