Sunday, August 28, 2011

දැන් යුද්ධෙ අවසාන වුනා මට ඔබ හැර යන්න වුනා (එම.එස්.ප්‍රනාන්දු)

අපි දන්න යුද්ධෙ අවසානා වෙනකොට "එම්.එස් ප්‍රනාන්දු" මහත්තය හිටියෙ නෑ කියල නේද කල්පනා කරන්නෙ. එතුම කිවුවෙත් අපි දන්න යුද්ධය වගේම ලොකු යුද්ධයක් ගැන තමයි.


ඒ තමයි දෙවෙනි ලෝක සංග්‍රාමය ගැන.හැබැයි මේ ගීතයෙන් කියවෙන්නෙනම් ආදර කතාවක් ගැන. මෙතුමන් ගැන කතාකනවනම් මගේ ප්‍රියතම ගායකයන් තමයි එම.එස් ප්‍රනාන්දු මහතා. මෙතුමන්ව හැඳින්වෙන්නෙ ලංකාවෙ බයිලා රජු ලෙසයි. මෙතුමනුත් මම කියපු හැකියාවන්  විශාල ප්‍රමාණයක් තියෙන තලොස්ස අතරට එකතුවෙන කෙනෙක්. මෙතුමන් ගායනා කරන බොහොමයක් ගීත මෙතුමන්ගේම රචනයන් වෙනව.
මේ සින්දුව ගැන කියනවනම් මේක බොහොම සරළ භාෂාවකින් ඕනැම කෙනෙක්ට තේරුම් ගැනීමට හැකිවනලෙස පදමාලාව ලියාතිබෙනවා. මෙමගින් කියවෙන්නෙ ලංකාවෙන් දෙවෙනි ලෝක යුද්ධෙට ලංකාවෙන් ගියපු තරුනයෙක් යුද්ධෙ ඉවර වෙලා නැවත ලංකාවට එන්න හදනකොට නැවෙ ඉදල කියන ගීතයක් ගැන. අහලම බලන්නකෝ
මෙතනින් අරගන්න සින්දුව..


දෙවෙනි ලෝකයේ මහා යුද්ධයට බැඳි 

මැක්සිකෝ රටට ගිය ලංකාවෙ තරුණයෙක් 
එහිදි මරීණා නමැති තරුණියක සමග 
ආදරයෙන් සිට යුද්ධය අවසානයේදී 
ඇගෙන් වෙන් වී එන දින වෙරලට 
ආසන්නව යාත්‍රාකරන නැවේ සිට 
මේ ගීතය ගායනා කරයි 
ඈ වෙරලේ සිට මේ ගීතයට සවන් දේ 

මරීණා.....// 

ඔබව අමතක වෙන්නෙ නෑ 
මරීණා.....// 
ආයෙ මම මෙහෙ වෙන්නෙ නෑ 
ඔබ දකින්නට වෙන්නෙ නෑ 

ඔබේ රට මේ මැක්සිකෝවයි 
හරිම අලංකාරයි 
මගේ රට සිරි ලංකාදීපය 
මට හරිම ආසයි 
බැඳිල යුද්ධෙට මගේ රට හැර 
ආවෙ ඔබෙ රටටයි 
ප්‍රියේ සුන්දර මරීණා මගේ 
ආදරේ ඔබටයි 
දැන් යුද්ධෙ අවසාන වුනා 
මට ඔබ හැර යන්න වුනා 

මරීණා.....// 

මුහුදු වෙරලෙදි සවස කාලෙට 
ගලක් උඩට වෙලා 
අණාගතෙ ගැන කතා කලහැටි 
දුකයි මතක් වෙලා 
ඔබේ මව් පියො ඔබේ රට හැර 
එන්න බෑහැ කියලා 
කිව් නිසයි මගෙ ආදරියෙ 
මම යන්නෙ ඔබ දාලා 
දැන් යුද්ධෙ අවසාන වුනා 
මට ඔබ හැර යන්න වුනා 

මරීණා.....// 

ඔබ වගේ මම මගේ ම්ව්පියො දෙගුරුන් සලකනව 
ඔබ වගේ මම මගේ රටටත් ජීවිතේ දෙනවා 
ඔබ වගේ මම මමත් ඔබගැන කඳුලු වපුරනවා 
ගඟට කැපු ඉනි දිහා බලලා පසුතැවිලි වෙනවා 
දැන් යුද්ධෙ අවසාන වුනා 
මට ඔබ හැර යන්න වුනා 

මරීණා.....// 


ආයෙත් එන්නව ඉක්මනටම.....

0 අදහස්:

Post a Comment