Wednesday, August 31, 2011

අදුර වැටෙන්නට කලියෙන් ගෙදරට තල්ලු කරම් පුතුනේ (එඩ්වඩ් ජයකොඩි)

සින්දුවක් දෙන්න ටිකක් පරක්කු උනාට සමාවෙන්න හොඳ සින්දු හොයන්නත් ඔනෙනේ. මම අද ගෙනාවෙ අපේ රටේ විවිධ රැකියා කරන අය ඉන්නවානෙ, මේ සින්දුවනම් ටිකක් සමාජයේ පහල මට්ටමක රැකියාවක් ලෙස ඉස්සරනම් සැලකුව. ඒත් දැන්නම් එහෙම නෑ. මේ රැකියාවතමයි

කැඩිච්ච සපත්තු, කුඩ හදන එක. මේ ගීතයෙන් කියවෙන්නෙ(මම හිතන විදිහට) ඇවිදින්න බැරි පියෙක් කරත්තයක ඉඳගෙන තම පුතාගේ උදව් අතිව මේ කියන රැකියාව කරනල ගෙදර යනගමන් එයාගෙ පුතාට කියන දෙයක් පිළිබඳව. 
"කැරකෙන රෝදේ පුංචි කරත්තේ" ලෙසයි මේ සින්දුව හැදින් වෙන්නෙ. ගායනය කරන්නෙනම් "විශාරද එඩ්වඩ් ජයකොඩි" මහතා හරිම හොඳ ගීතයක් කියලා හිතුන නිසයි දෙන්න හිතුනෙ.
සින්දුව මෙතනින් අරගන්න

කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ
පදික වේදිකා පසුකර යන්නට
තල්ලු කරම් පුතුනේ
තල්ලු කරම් පුතුනේ

කැඩුනු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සවිකරවා
අදුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරම් පුතුනේ

කිරිකැටි දෙඅතේ සවිබල දියැවේ
පමා වුනොත් අප මහමග තනිවේ
අම්මා මග ඇර්හි නෙත් හරවාගෙන
තල්ලු කරම් පුතුනේ

කැරකෙන රෝදේ.... 



ආයෙත් සින්දුවක් අරගෙන පුලුවන් ඉක්මනින් එනව.

1 අදහස්:

මහේෂ් said...

හරිම ලස්සන , සදා කල් රැදෙන ගීතයක් ගැන කතා කළාට ස්තුතියි

Post a Comment