මේකෙනම් මට හිතන විදිහට කියවෙන්නෙ.ආදර වන්තයාට හිතෙන සිතුවිලි ගැන කියලයි.ඒත් ඉතින් මේ සින්දුවෙ අදහස වෙන එකක් වෙන්න පුලුවන්. ඔයාලත් තමන්ට හිතෙන තෙරුම ගැන හිතන්න.
මේ සින්දුව "සඳ රෑ සිහිනයේ රැදෙනා දිගැසියේ" කියල තමයි පටන් ගන්නෙ.ගායනය "ගුණදාස කපුගේ" ශූරීන්ගෙ ඒක නිසා එතුමගෙ ගීතගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.මෙතුමන් වගේ ගීත ගායනා කරන්නනම් කාටවත්ම බෑ. සින්දුව අහලම බලන්නකො.
සින්දුව මෙතනින් අරගන්න
සඳ රෑ සිහිනයේ රැදෙනා දිගැසියේ
කල්පනා මීවිතේ පිරුනා ආදරේ
කඳුළැල් පියන් වසනා වෙලේ
හඩනා යුගනෙතූ
තවරා කසුන් හසකැන් දොවා
ලංවීහද නෙතූ
සරසා ආදරෙන් තනිවී ඒ රැයේ
සඳ රෑ සිහිනයේ.....
දහවල් පැයේ යනෙනා මගේ
දකිනා සැම නෙතින්
රැකවල් හෙලා ගෙනෙනා තුරා සුරතේ
රැදි අතින්
සැඟවී වෙන්වෙලා තනිවී මේ රැයේ
සඳ රෑ සිහිනයේ.....
කල්පනා මීවිතේ පිරුනා ආදරේ
කඳුළැල් පියන් වසනා වෙලේ
හඩනා යුගනෙතූ
තවරා කසුන් හසකැන් දොවා
ලංවීහද නෙතූ
සරසා ආදරෙන් තනිවී ඒ රැයේ
සඳ රෑ සිහිනයේ.....
දහවල් පැයේ යනෙනා මගේ
දකිනා සැම නෙතින්
රැකවල් හෙලා ගෙනෙනා තුරා සුරතේ
රැදි අතින්
සැඟවී වෙන්වෙලා තනිවී මේ රැයේ
සඳ රෑ සිහිනයේ.....
lyrics බලන විදිහ මෙතනින් දැනගන්න....
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment