Saturday, September 17, 2011

කිසිවක් තවමත් හමුව නොමැත මට (ජෙ.ඒ.මිල්ටන් පෙරේරා)

අදනම් මම ගෙනාව "ජෙ.ඒ.මිල්ටන් පෙරේරා'' මහත්මයාගේ ඔරිජිනල ගීතයක් "ජීව වේදනා" කියන ගීතය තමයි අද ඔයාලට මම ගෙනාවෙ. තාමත් සිරාවටම තම්න්ට තමන්ගෙ ආදරවන්තිය හෝ ආදර වන්තයා හමුවෙලා නැතිකෙනෙක් ඉන්නවනම් අහන්නම වටින සින්දුවක්. එහෙම කෙනෙක් ඉන්නවනම් ඉතින් ඒත් ඇහුවට කමක් නෑ. 

 "ජෙ.ඒ.මිල්ටන් පෙරේරා'' මට ඉතින් මෙතුමන් ගැන කියන්න වෙන්නෙ මම අපේ අයිය කෙනෙක්ගෙන් අහගත්ත ඒව තමයි. මම මෙතුමන්ගෙ ගීතවලටත් විශේෂ කැමැත්තක් දක්වනවා. මම අහල තියන විදිහටනම් මෙතුමන් ඉතාමත්ම නිහතමානි පුද්ගලයෙක්. ඒවගේම මෙතුමන් ගීතයක් ගායනා කරනවිට හරියට ඉටි රූපයක්වගේ සෙලවෙන්නෙවත් නැතුවලු ගීත ගායනා කටරන්නෙ.
මේ ගීතය ගැන කියනවානම් තමන්ට තවමත් සැබෑවටම හමුවී නැති ආදරවන්තියට ඇසේවියැයි කියන අදහසින් කියන හරිම ලස්සන සින්දුවක්. 
ජීව වේදනා හදේ නැගෙන මගෙ
ඔබෙ හදවතටත් දැනෙනවනම්
මේඝ දූතයකි මගෙ මේ ගීතය
ඔබටත් ගුවනින් ඇහෙනවනම්
ඔබටත් ගුවනින් ඇහෙනවනම්

දුකදුර පිරිලා බැලූ බැලූ තැන
මිරිඟුව හැමතැන හමුවන්නේ
නිවහල් නිසසල නිහඬ තැනකටයි
යන්නට මේ මා සැරසෙන්නේ
යන්නට මේ මා සැරසෙන්නේ

ජීව වේදනා

බාධක අතරේ මනෝ ලෝකයේ
ඇත්තේ සාමයෙ මිහිර තමයි
ලෝකය බලනට ඇසක් ලදිමි මම
එය මා ලැබු මගෙ දුළිඳු කමයි

ජීව වේදනා

මිහිරි ගීතයට කුරුළු නාදයට
මෝහනයක් නැත සිතට කිසී
කිසිවක් තවමත් හමුව නොමැත මට
නෙත සිත හදවත කරන වශී
නෙත සිත හදවත කරන වශී

ජීව වේදනා 











































































0 අදහස්:

Post a Comment