Friday, September 9, 2011

ඊයෙ වගෙ ද අද ටිකක් සුභයි අදට වඩා හෙට හොඳ වෙන්නේ (සි.ටී.ප්‍රනාන්දු)

මොනව වුනත් මේ කතාවනම් ඇත්ත. අපි හැමදාම මෙහෙම හිතනවනම් අපිට ගොඩාක් හොඳ වෙයි කියල මමත් හිතනව. අදත් අරගෙන ආවෙ අපේ ජිවිතයට ලොකු ආදර්ශයක් දෙන සින්දුවක් කියල කියන්න පුලුවන්.     අහන්නම වටින සින්දුවක් නිසා තමයි දෙන්න හිතුවෙ.

"අවදිවන්න අවදිවන්න" මේ සින්දුව ගායනා කරන්නෙ "සි.ටී.ප්‍රනාන්දු" කියන ගායන ශිල්පියා මෙතුමන්ගේ ගීතද විශාල ප්‍රමානයක් අතිශයින් ජනප්‍රිය ගීතවෙලා තියනව. ඒවත් මම දෙන්නම්කො.
ඇත්තටම අපි දුකින් ඉන්න වෙලාවට අපිත් එක්ක කවුද කැමති දුක්වෙන්න,ඒත්  අපි සතුටින් ඉන්න වෙලාවටනම් අපිත් එක්ක සතුටු වෙන්න ඕන තරම් ඈයො ඉන්නව නේද? අහල බලන්නකෝ.
ඔන්න ගන්න සින්දුව.

අවදි වන්න අවදි වන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
හිතනවාට වඩා සොඳුරු
විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ//

සුසුම් හෙලන කලට දුක්වෙලා
ඔබත් සමග කවුද අඬන්නේ//
ටිකක් සතුටු වන්න සැනසිලා
දහසක් ඒ ලෙස හිනැහෙන්නේ

අවදි වන්න අවදි වන්න....

බලනු මැනවි කුරුලු කැදැල්ලේ
සතුට සැපත රස ඉතිරෙන්නේ//
එහෙම ඉදිමු සිත සැනසිල්ලේ
දුකිනි මිනිස් බව ලැබගන්නේ

අවදි වන්න අවදි වන්න ....

දුක සැප දෙක පෙරලි පෙරලි යයි
යන කාලය නැත නවතින්නේ//
ඊයෙ වගෙ ද අද ටිකක් සුභයි
අදට වඩා හෙට හොඳ වෙන්නේ

අවදි වන්න අවදි වන්න .... 



lyrics බලන විදිහ දැනගන්න..

0 අදහස්:

Post a Comment