මම මේ සින්දුව මුලින්ම ඇහුවෙ මේ ලඟදි තමයි ඉතින් මම එදාම මේ සින්දුවට ආසකලා ඉතින් මම මේක හොයාගත්ත කොහොම හරි ඉතින් මම හිතුව මෙච්චර ලස්සන සින්දුවක් ඔයාලට නොදී කොහොමද කියල..
සින්දුව ගැන කියනවනම් ඉතින් අපි ආදරය කරන කෙනා අපිව දාල ගියහම ඒ කියන්නෙ ටික කාලෙකට කොහේහරි ගියහම අපිට හිතාගන්න බැරි පාළුවක් දැනෙනව නේද? අහලම බලන්නකෝ
ඔන්න අරගන්න සින්දුව.
මලට මුව තියා මලි මත
බඹරණුත් ගියා
විලට මුව පොවා දිය බිව් සාවුනුත් ගියා
සුමුදුබස් කියා තොල්මත හාදුවක් තියා
දුරක ඔබ ගියා මේ හැටි මටම දුක තියා
අහස නුඹ වගෙයි මා හා ආදරෙන් සිටී
පොලව මා වගෙයි ලතැවුල් දරාගෙන ඇතී//
සුමුදුබස් කියා තොල්මත හාදුවක් තියා
දුරක ඔබ ගියා මේ හැටි මටම දුක තියා
නියං සැර වැදී හද මිහිමඩල ගිනි වදී
වැස්ස වී වඩින් මාවෙත තවත් දුක නොදී//
මලට මුව තියා....
විලට මුව පොවා දිය බිව් සාවුනුත් ගියා
සුමුදුබස් කියා තොල්මත හාදුවක් තියා
දුරක ඔබ ගියා මේ හැටි මටම දුක තියා
අහස නුඹ වගෙයි මා හා ආදරෙන් සිටී
පොලව මා වගෙයි ලතැවුල් දරාගෙන ඇතී//
සුමුදුබස් කියා තොල්මත හාදුවක් තියා
දුරක ඔබ ගියා මේ හැටි මටම දුක තියා
නියං සැර වැදී හද මිහිමඩල ගිනි වදී
වැස්ස වී වඩින් මාවෙත තවත් දුක නොදී//
මලට මුව තියා....
Twitter
Facebook
Digg
Delicious
Stumble
2 අදහස්:
මේක රෝහන් ශාන්ත බුලේගොඩ කියන ගායකයගෙ ගීතයක්. රෝහණ බෝගොඩගෙ නෙවෙයි නෙ
@Anonymous
සමාවෙන්න ම්ම ඒක දැන ගත්තේ දැනුයි මම ඒක හරිගස්සන්නම්. බොහොම ස්තූතියි
Post a Comment