අපිට කවදාවත් පුලුවන්ද අපේ දෙමාපියන්ගේ ගුණ කියල ඉවර කරන්න? බෑ නේද ම්ව් ගුණ ගී විශාල ප්රමාණයක් තිබුනත් පියගුණ ගීතනම් තියෙන්නෙ ඉතාමත් අල්ප ප්රමානක් තමයි. ඒ අතරින් මුලින්ම දෙන්න ඔනි කියල හිතුනෙ මේ සින්දුව තමයි."කසුන් කල්හාර" ගායනා කරන "අප්පච්චී" ගීතය.
සින්දුව මෙතනින් අරගන්න...
සියක් උල්පත් මවාදී
නිසලවම හිඳිනා
නමක් නැති මහ කන්ඳ ඔබ
අප්පච්චී... අප්පච්චී...
ඔබෙන් දිය ලැබ සාර වූ
තුරුණු කෙත්වතු දෙසබලා
නොපෙනෙනා තරමින් සිනාසී
නිසලවම හිඳිනා
අප්පච්චී... අප්පච්චී...
මෙහෙවරට අවෙයි සිතා
වෙහෙස නොබලා වෙහෙසෙනා
තෙත් ගුණය මෙත් ගුණය සඟවා
අකම්පිත වත පා
අප්පච්චී... අප්පච්චී...
සියක් උල්පත් මවාදී...
Twitter
Facebook
Digg
Delicious
Stumble
0 අදහස්:
Post a Comment