"කරුණාරත්න දිවුල්ගනේ" ගායනා කරන "ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ " ගීතය තමයි අද මම දෙන්න ඕනෙ කියල හිතුවෙ. සසර පුරාවට ඉඳල බුදුවෙන අවස්තාව දක්වාම බෝදිසත්වයන්වම පතාගෙන ආපු යශෝදරා දේවිය ගැන පඅපි ඉගෙන ගන්නෙ පොඩි කාලෙදිනෙ. ඒව සේරම සංශිප්ත කරල තමයි මේ ගීතය නිර්මාණය කරල තියෙන්නෙ. බොහොම හොඳ ගීතයක් අහලම බලන්නකෝ
ලා දළු බෝපත් සෙමින්
සැලෙනසේ
යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ලේන කුලේ සිට ආ ගිය මග තොට
සිටියා නොසැලෙන පහනක් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී
ලා දළු බෝපත්....
තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාදුකාර දී
නිවී පහන් විය උදෑසනක් වී
ලා දළු බෝපත්....
යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ලේන කුලේ සිට ආ ගිය මග තොට
සිටියා නොසැලෙන පහනක් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී
ලා දළු බෝපත්....
තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාදුකාර දී
නිවී පහන් විය උදෑසනක් වී
ලා දළු බෝපත්....
Twitter
Facebook
Digg
Delicious
Stumble
4 අදහස්:
මගෙ ප්රියතම ගීතයක්
මගෙත්....
@පිස්සා පලාමල්ල
ස්තූතියි
@රත්නේ
ස්තූතියි
Post a Comment