"සෝමතිලක ජයමහ" කියන අමුතුම ගායකයන් ගායනා කරන හැමදාමත් යාලුවේ මම ඉන්නෙමි පාළුවේ කියන ගීතය. මෙතුමන් අමුතුම ගායකයෙක් කියල මම කිවුවෙ ඇයි කියල දන්නවද? මම දන්න විදිහට මෙරතුමන්ම තමයි මෙතුමන්ගෙ බොහොමයක් සින්දුවලට සංගීතය,රචනය වගේම ගායනයත් කරල තියෙන්නෙ ඒ වගේම් ඒ හැම ගීතයක්ම බොහොම ජනප්‍රිය වෙච්ච ගීත. ලංකාවෙ මේ වගේ සංගීත හැකියාවන් කිහිපයක්ම තියන අයගෙන් කෙනෙක් තමයි මෙතුමන්.
මේ ගීත්ය ගැන කතා කරොත් එහෙම කියන්න දේවල් නම් ගොඩක් තියනව. මම ඉතින් හැමදාම කියන්නෙ මම දෙන සින්දුගැන මට හිතෙන දේනෙ. මේකයි මම හිත්න විදිහටනම් මේ සින්දුවෙන් කියවෙන්නෙ
යාළුවො ගොඩක් හිටපු කෙනෙක්ට එයාල මෙයාව දාල ගිහින් ඊට පස්සෙ තමන්ගෙ පාලුජිවිතයට කවුරුවත් නැතිව තනිවුනහම කියන ගීතයක් කියල. මම් කියනවාට වඩා ඔයාල අහලම බලන එක හොදයි නේද?
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න
කවුරුත්නෑ යාළුවේ//
පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිඟු සේනා
නිති ගෙවුයණ වැද රඟ දුන් පැනි සමනල සේනා
සපැමින ඔබ වෙන වැයූ
මා අබියස ගී ගැයූ//
හැමදාමත් යාළුවේ...
සව්සිරිසැප මා අතහැර අද වෙනතක ඇදිලා
පින් මද තනිකම තනියට මගෙ පැලතුල රැදිලා
බිතුසිතුවම් රූ වැනී ඔබ
කොතනද මිතුරනී//
හැමදාමත් යාළුවේ....
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න
කවුරුත්නෑ යාළුවේ//
පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිඟු සේනා
නිති ගෙවුයණ වැද රඟ දුන් පැනි සමනල සේනා
සපැමින ඔබ වෙන වැයූ
මා අබියස ගී ගැයූ//
හැමදාමත් යාළුවේ...
සව්සිරිසැප මා අතහැර අද වෙනතක ඇදිලා
පින් මද තනිකම තනියට මගෙ පැලතුල රැදිලා
බිතුසිතුවම් රූ වැනී ඔබ
කොතනද මිතුරනී//
හැමදාමත් යාළුවේ....
මම යන්නම් එහෙනම් ආයිත් හම්බවෙමුකො...
Twitter
Facebook
Digg
Delicious
Stumble
9 අදහස්:
ලස්සන සයිට් එකක් - දිගටම කරගෙන යන්න
පොඩි අදහසක් මේක "නිතිගෙ උයන" නෙමේ නේද?
"නිති ගෙවුයන වැද රද දුන්...." නේද?
@තිස්ස දොඩන්ගොඩ
thankx ඒකගැනන මම හොයල බලල හරිගස්සන්නම්. බොහොම ස්තූතියි
http://srilankans.com.au/music?artist=498
@තිස්ස දොඩන්ගොඩ
මම හොයල බැලුවා එවගෙත් තියෙන්නෙ මගේ විඩිහටම තමයිනේ
ඒක වැරදියි චමිල
නිති - නිතර / සැම වෙලේම
ගෙවුයන - ගෙදර උද්‍යානයේ
වැද රද දුන් - පැමිණ සැරි සැරූ
"හැමතිස්සෙම ගෙවත්තේ උයනට පැමිණ සැරි සැරූ සමණල සේනාව මෙන් වූ මිතුරන්.." කියන එකයි ඒකේ තේරුම
@chamila buwaneka
මට දැනුයි තේරුනේ මම ඒක හරිගස්සන්නම්.thankx ඒක ඒක කිව්වට.
මේ සිංදුව කොච්චර ලස්සනද? ලස්සන වචන, ලස්සනම ලස්සන යෙදුම්. ඒ හඬේ තියෙන ලයාන්විත බවත් එක්ක මාර feeling එකක් එනව. මටත් පුංචි පුංචි දේවල් ටිකක් අහුවුනා. සිංදුවේ හරිම අර්ථය එන්න ඒවත් හරිගැස්සුවොත් හොඳයි කියල හිතුන නිසයි මේක ලියන්නෙ.
චමිලගෙ වචන බෙදීමෙ ගැටළු ටිකක් තියෙනව. ඒව බලල හදන්න. අර "පැනි", "සපැමින" වචන කෙසේ වෙතත් "වෙන" වචනෙ 'න' ණ කරන්න. --> වෙණ. වීණා වැයූ නෙ. ල ළ අතෑරල දාමු.
මේක ලියන මම වැඩකරන්නෙ ඉංග්‍රීසියෙන්. මගේ වැඩ කරපු කිසිම තැනක සිංහලෙන් එක ලියුමක්වත් ලියල නැහැ. මේක කියවන ඔයාල වැඩිදෙනෙකුගෙත් තත්වය එහෙම වෙන්න ඇති. ඒත් මගේ සිංහල බසට තියෙන ආසාව, කැමැත්ත හැමදාම වැඩිවෙනව.
මට ඔය 'බිතු සිතුවම් රූ වැනි' කියන යෙදුම ගැනනම් අවුලක් තියෙනව. බිත්තියෙ ඇඳපු රූප අනිත් පැත්ත හරවන්න බෑනෙ. එතකොට දාල ගිය යාළුවො කොහොමද 'බිතු සිතුවම් රූ වැනි' වෙන්නෙ?
කොහොම වුනත් මේ post එකට ගොඩක් ස්තුතියි.
මේ රචනයෙන් අර්ථවත් කරල තියන්නෙත් ඒකම තමයි, ඒ මිත්‍රත්වය ගැන පැවසෙන "බිතු සිතුවම් රූ වැනී" යන කථාව බොරුවක් කියන එක
Post a Comment